වැදගත් සිදුවීම්

රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් රණක්‍ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපති ගෙන් උපහාර

රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් අද දින (2023 මැයි 18) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වී ඔවුන් වෙත උපහාර පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය ද සහභාගී විය.

18 May 2023

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජ්‍යේෂ්ඨ කර්නල් Zhou Bo අද දින (2023 මැයි 17) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

18 May 2023