වැදගත් සිදුවීම්

ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2023 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 මැයි මස 19 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

20 May 2023

නාවික හමුදාව ගිණි‍කොන නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 මැයි මස 18 වන දින ගිණි‍කොන නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන්, එම විධානයේ මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

20 May 2023

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

2023 මාර්තු මස 20 දිනට යෙදුනු ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් පවත්වනු ලබන දන්ත වෛද්‍ය සේවාවන්ගේ තවත් අධියරක් ලෙස ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2023 මැයි මස 09 වන දින සිට 19 වන දින දක්වා ගිණිකොන නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

20 May 2023