වැදගත් සිදුවීම්

නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 67ක් නාවික හමුදා මූලස්ථානයේදී පත්වීම් ලිපි ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 65 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් තිස්පස් දෙනෙකු (35), ස්වේච්ඡා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු 67ක් වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2023 ජුනි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

29 Jun 2023

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරීන් 2ක් සහ කාන්තා නාවිකයන් 3ක් මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් තිදෙනෙකු ගෙන් (03) සමන්විත නාවික හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම 2023 ජුනි මස 21 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත් විය.

28 Jun 2023

නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි

නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් කඩොලාන පැළ දහසක් (1000) රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 26 වන දින ලංකාපටුන උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

27 Jun 2023

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

2023 ජුනි මස 21 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රි ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් Zhang Changsheng ගේ ප්‍රධානත්වයෙන් යුත් පනස් හය දෙනෙකුගෙන් (56) සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 ජුනි මස 23 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම කණ්ඩායමේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

24 Jun 2023

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 22 වන දින එක්දින නිල‍ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2023 ජුනි මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

24 Jun 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් විජිත මාරපන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මාරපන අද දින (2023 ජුනි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

23 Jun 2023

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

22 Jun 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 19 වන දින සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ජුනි 22) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ‘INS Vagir’ සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

22 Jun 2023

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති හා නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2023 ජුනි 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

21 Jun 2023

ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අද දිනට (2023 ජුනි 21) යෙදී ඇති ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව විශේෂ යෝගා වැඩසටහනක්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතාගේ හා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

21 Jun 2023