වැදගත් සිදුවීම්
ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත චීන රජයේ උපහාරය පිරිනමයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් වෙත චීන රජයේ උපහාරය පිරිනමා කිමිදුම් කණ්ඩායම ඇගයීමේ උත්සවයක්, ශ්‍රී ලංකාවේ චීන තනාපති ගරු කී ෂෙන්හොං මහතා ගේ (Qi Zhenhong) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 06 වන දින කොළඹදී පැවැත්විණි.
07 Jun 2023
රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් 2023 ජුනි මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
07 Jun 2023


