වැදගත් සිදුවීම්
ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් ඇගයේ
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී පෙරලීයාමෙන් 2023 මැයි මස 16 වන දින ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීම වෙනුවෙන් ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවධානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්වූ අතර, එම කිමිදුම් මෙහෙයුමට සම්බන්ධ වූ නාවික පුද්ගලයන් වෙත ඔවුන් සිදුකල එම සුවිශේෂි දායකත්වය අගයා ප්රශංසාත්මක ලිපි ප්රදානය කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින (2023 ජුනි 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
12 Jun 2023
ශාස්ත්‍රීය දක්ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාලාවන්ගෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙනෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති කොමදෝරු රවීන්ද්‍ර තිසේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 10 වන දින කොළඹ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධාන කාර්යාල පරිශ්‍රයේදී (Organization of Professional Associations of Sri Lanka) පැවැත්විණි.
12 Jun 2023


