වැදගත් සිදුවීම්
කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සඳහා නාවික හමුදා සහය
යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ජුනි මස 10 වන දින ආරම්භ කෙරිණි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව විසින් සපයනු ලබන සේවාවන් සහ පහසුකම් 2023 ජුනි මස 15 වන දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, කතරගම දක්වා පාද යාත්‍රාවට සහභාගී විය.
19 Jun 2023
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නව ආඥාපති, මේජර් ජෙනරල් සෙනරත් යාපා (විශ්‍රාමික) අද දින (2023 ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
19 Jun 2023
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී
රියර් අද්මිරාල් කාංචන බානගොඩ උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජුනි 19) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
19 Jun 2023
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
19 Jun 2023