වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති හා නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2023 ජුනි 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

21 Jun 2023

ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අද දිනට (2023 ජුනි 21) යෙදී ඇති ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව විශේෂ යෝගා වැඩසටහනක්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතාගේ හා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

21 Jun 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජානක නිස්සංක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ජානක නිස්සංක අද දින (2023 ජුනි 21) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

21 Jun 2023

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

21 Jun 2023