වැදගත් සිදුවීම්

පාසල් ළමුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස, පාසල් අධ්‍යාපනය අවසන් කර ඉදිරියේදී පාසල් හැරයාමට නියමිත කොළඹ ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දහසයක (16) පාසල් ළමුන් එකසිය පනස් අට දෙනෙකු (158) වෙනුවෙන් සංවිධානය කල නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (2023 ජුලි 21) නාවික හමුදා මූලස්ථානයේදී සහ කොළඹ වරාය හා වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

21 Jul 2023

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ධජ නිලධාරි ලෙස පැමිණි එම බලකායේ පළමු කණ්ඩායම් අණදෙන නිලධාරි (Commander, 01st Surface Group) රියර් අද්මිරාල් NISHIYAMA Takahiro සහ ‘SAMIDARE (DD-106)’ නෞකාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් OKUMURA Kenji අද දින (2023 ජුලි 21) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

21 Jul 2023

නාවික හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 69 ක් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අනුබද්ධ, වැලිසර නාවික හමුදා හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 2018 සහ 2019 කණ්ඩායම‍ට අයත් හෙද සිසු සිසුවියන් හැට නවයක් (69) වෙත හෙද ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම 2023 ජූලි මස 20 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ සහභාගීත්වයෙන් එම විශ්ව විද්‍යාලයීය උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

21 Jul 2023

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 18, 19 සහ 20 යන දිනයන්හීදී උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ කාලීන අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

21 Jul 2023