වැදගත් සිදුවීම්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා අද දින (2023 ජුලි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

23 Jul 2023

ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ජුලි මස 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව විසින් පරිසර අමාත්‍යංශය හා එක්ව, කල්පිටිය කප්පලාඩි ප්‍රදේශයේ සහ මල්වතුඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුලි මස 14 සහ 21 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.

23 Jul 2023