වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි
ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව, හම්බන්තොට වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින උදෑසන (2023 ජුලි 25) එම නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ප්‍රසන්න හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කෙරිණි.
25 Jul 2023
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාවක් ආරම්භ කරයි
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ පවත්වනු ලබන සමුද්‍රීය ක්ෂේත්රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීම පිළිබඳ පාඨමාලාවක් ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී 2023 ජුලි මස 24 වන දින ආරම්භ කෙරිණි.
25 Jul 2023