වැදගත් සිදුවීම්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයේ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාර සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත්කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාරය සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද දින (2023 ජුලි 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

28 Jul 2023

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවන පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් නාවික හමුදාව විසින් නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රය නිල වශයෙන් භාරදෙයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රය, එම බලකාය වෙත නිල වශයෙන් භාර දීම, 2023 ජුලි මස 25 වන දින කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී සිදුකෙරිණි.

28 Jul 2023