වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ දේව මෙහෙයක් සඳහා සහභාගී වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 03 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය සඳහා සහභාගී වී, එම දේවස්ථානය භාර මීසම් පාලක ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමා බැහැදැක ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරිණි.

04 Aug 2023

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 02 සහ 03 යන ‍දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

04 Aug 2023