වැදගත් සිදුවීම්

කොළඹ රි‍ජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසික රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම අද දින (2023 අගෝස්තු 17) නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නැව්බඳ ඉංජිනේරු කපිතාන් කපිල ද සිල්වාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

18 Aug 2023

ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලද 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 කොළඹ ශැන්ග්‍රිලා හෝටලය කේන්ද්‍ර කර ගනිමින් 2023 අ‍ගෝස්තු මස 14 වන දින සිට දින 04 ක් පුරා පැවැත්වුනු අතර, ඉන්දු ශාන්තිකර කළාපීය පාර්ශවකරුවන් විසින් කලාපීය පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳ උගත් පාඩම් සහ යහපත් භාවිතයන් පිළිබඳව සිදුකල ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් සාර්ථකව දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව, 2023 අගෝස්තු මස 17 වන දින ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 නිමාවට පත්විය.

18 Aug 2023