වැදගත් සිදුවීම්

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පවත්වන ලද සමුද්‍රීය ක්ෂේත්‍රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීම පිළිබඳ පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 18 වන දින එම විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

21 Aug 2023