වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ සමුද්‍ර ඉංජිනේරු උපාධි අපේක්ෂකයින් නාවික හමුදා යාත්‍රා වැඩපොළ නිරීක්ෂණය සඳහා සහභාගී වෙයි
කොළඹ ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ සමුද්‍ර ඉංජිනේරු උපාධිය හදාරනු ලබන පනස් දෙදෙනෙකුගෙන් (52) සමන්විත උපාධි අපේක්ෂකයින් කණ්ඩායමක් 2023 අගෝස්තු මස 29 වන දින කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ පිහිටි නාවික හමුදා ඉංජිනේරු වැඩපොලෙහි අධ්‍යයන චාරිකාවක නිරත විය.
15 Sep 2023
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති නාවික හමුදාධිපති හමුවෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වශයෙන් පත් වූ රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2023 සැප්තැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
15 Sep 2023


