ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පෝර්ට්, රෝඩ් අයිලන්ඩ්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යායතනයේ (U.S. Naval War College) 2023 සැප්තැම්බර් මස 19 වන දින සිට 22 වන දින දක්වා පැවැති 25 වන සමුද්‍රීය බල සමුළුව (25th International Seapower Symposium - ISS) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය. එහිදී, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය නාවික මෙහෙයුම් ප්‍රධානී, අද්මිරාල් Lisa M. Franchetti, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආඥාපති, අද්මිරාල් Linda L. Fagan, ඇමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් Samuel J. Paparo සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානයේ ආඥාපති වයිස් අද්මිරාල් Brad Cooper ඇතුළු කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ට අයත් නාවික හමුදා සහ වෙරළාරක්ෂක ප්‍රධානීන් සමඟ සිදුකෙරුණු නිල හමුවීම් සඳහා සහභාගී වී, සමුද්‍රීය ආරක්ෂාව සහ සයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරිණි.