වැදගත් සිදුවීම්
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
18 Oct 2023
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 11 වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී ආරම්භ වෙයි
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර එකළොස් (11) වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡා වාරය (11th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) අද දින (2023 ඔක්තෝබර් 17) කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී, රියර් අද්මිරාල් Nirbhay Bapna (Assistant Chief of Naval Staff – Foreign Cooperation and Liaison) විසින් අද දින (2023 ඔක්තෝබර් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සමඟ නිල හමුවක් සිදුකෙරිණි.
18 Oct 2023
ඉන්දියාවේ කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Basil Mwambingu Mwakale අද දින (2023 ඔක්තෝබර් 17) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
18 Oct 2023


