ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් හාරසීය විසිතුන් දෙනෙකු (423) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් සිය දෙනෙකු (100) ඇතුළු ආධුනික නාවිකයින් පන්සිය විසි තුන්දෙනෙකු (523) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ඔක්තෝබර් මස 20 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.