වැදගත් සිදුවීම්

Trinco Dialogue - 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

‘Trinco Dialogue – 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2023 ඔක්තෝබර් මස 27 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සු‍රේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

28 Oct 2023

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 28) උදෑසන ත්‍රිකුණාමල වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

28 Oct 2023

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 02 වන පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන (02) ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Sri Lanka Navy’s Maritime Strategy to Underpin National Security’ යන මැයෙන් 2023 ඔක්තෝබර් මස 27 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

28 Oct 2023