2023 ඔක්තෝබර් මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ඔක්තෝබර් මස 28 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.