වැදගත් සිදුවීම්

‘සයුරුසර’ සඟරාවේ 47 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 47 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද දින (2023 නොවැම්බර් 27) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

27 Nov 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පුණ්‍යකර්මයක්‌ වැලිසර නාවික සංකීර්ණයේදී

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 24 සහ අද දින (2023 නොවැම්බර් 25 ) වැලිසර නාවික සංකීර්ණයේදී පැවැත්විණි.

25 Nov 2023

ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ පැවති ප්‍රජා සායනය සහ සෞඛ්‍ය කඳවුර සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය හා එක්ව 2023 නොවැම්බර් මස 22 වන දින ප්‍රජා අක්ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක්, ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

25 Nov 2023

මුහුදේ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම හා මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ උසස් පාඨමාලාවේ සහතික ප්‍රදානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයින් වෙනුවෙන්, ප්‍රංශයේ රී-යූනියන් දූපතේ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් (French MRCC of Reunion Island) පවත්වනු ලැබූ, මුහුදේ ඇතිවන ආපදා සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ උසස් පාඨමාලාවේ (Operational coordination of emergency response at sea) සහතික ප්‍රදානය 2023 නොවැම්බර් මස 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

25 Nov 2023

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාවේ ‍උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිස් හයදෙනෙකු (36) වෙත උපාධි ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී, 2023 නොවැම්බර් මස 21 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

24 Nov 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම අද දින (2023 නොවැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

23 Nov 2023

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, 2023 නොවැම්බර් මස 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී පැවැත්විණි.

22 Nov 2023

නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුන්‍යකර්මය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැති බර දායකත්වයෙන් 2023 නොවැම්බර් මස 18 සහ 19 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

20 Nov 2023

33 වන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 33 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් මස 18 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

19 Nov 2023

ජාතික ආරක්‍ෂක පාඨමාලාවේ නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපති වෙතින් පිරිනැමෙන රාත්‍රී භෝජන සංග්‍රහය, එම විද්‍යායතනයේ පාඨමාලා අංක දෙකට (02) අයත් නිලධාරීන් වෙනුවෙන් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 17 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී සිදුකෙරිණි.

18 Nov 2023