වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම 2023 නොවැම්බර් 03 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර්ථකව පවත්වන ලදී.
03 Nov 2023
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023, “Strategizing Security Challenges in A Dynamic Environment” යන තේමාව යටතේ 2023 නොවැම්බර් මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
03 Nov 2023


