නාවික හමුදා ක්ෂණික ක්රියාකාරී යාත්රා බලඝණයේ විසි හත්වන (27) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් දෙදෙනෙක් (02) සහ නාවිකයන් තිස් හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය අද දින (2023 නොවැම්බර් 15) පුත්තලම, ගඟේවාඩිය ක්ෂණික ක්රියාකාරී යාත්රා බලඝණ මූලස්ථාන ප්රධාන සරඹ පිටියේදී, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ගේ ප්රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.