වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පුණ්‍යකර්මයක්‌ වැලිසර නාවික සංකීර්ණයේදී

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 24 සහ අද දින (2023 නොවැම්බර් 25 ) වැලිසර නාවික සංකීර්ණයේදී පැවැත්විණි.

25 Nov 2023

ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ පැවති ප්‍රජා සායනය සහ සෞඛ්‍ය කඳවුර සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය හා එක්ව 2023 නොවැම්බර් මස 22 වන දින ප්‍රජා අක්ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක්, ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

25 Nov 2023

මුහුදේ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම හා මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ උසස් පාඨමාලාවේ සහතික ප්‍රදානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයින් වෙනුවෙන්, ප්‍රංශයේ රී-යූනියන් දූපතේ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් (French MRCC of Reunion Island) පවත්වනු ලැබූ, මුහුදේ ඇතිවන ආපදා සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ උසස් පාඨමාලාවේ (Operational coordination of emergency response at sea) සහතික ප්‍රදානය 2023 නොවැම්බර් මස 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

25 Nov 2023