වැදගත් සිදුවීම්

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුන්‍යකර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2023 දෙසැම්බර් මස 08 වන දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද දින (2023 දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

09 Dec 2023

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ගැසීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසීමේ (Rigging) තරඟාවලිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2023 දෙසැම්බර් මස 07 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

09 Dec 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 73 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද දින (‍2023 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 73 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

09 Dec 2023