වැදගත් සිදුවීම්

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave “N” Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2023, “Silent Christmas, Silent Navy” යන තේමාව පෙරදැරිව 2023 දෙසැම්බර් මස 22 වන දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave “N” Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ හා එම මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

23 Dec 2023

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 දෙසැම්බර් මස 21 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 දෙසැම්බර් 23) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

23 Dec 2023

නාවික හමුදාව මඟින් වලස්මුල්ල මූලික රෝහල වෙත ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි

නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, වලස්මුල්ල මූලික රෝහල වෙත පිරිනැමීම, 2023 දෙසැම්බර් මස 22 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

23 Dec 2023