වැදගත් සිදුවීම්

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 28 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ජනවාරි 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

31 Jan 2024

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් 2024 ජනවාරි 27 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

30 Jan 2024

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 30) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

30 Jan 2024

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 49 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි අට දෙනෙක් (28) සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 64 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි එක් දෙනෙක් (21) විසිර යාමේ හා අධිකාරියට පත් කිරීමේ උත්සවය 2024 ජනවාරි මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

29 Jan 2024

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 28) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

28 Jan 2024

නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කෙරේ

නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකරන ලද අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම අද දින (2024 ජනවාරි 27) මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදුකෙරුණු අතර, එම පුණ්‍යමහෝත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ඇතුළු සම්භාවණීය ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

28 Jan 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් අද දින (2024 ජනවාරි 27) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

27 Jan 2024

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාවක්, අද දින ( 2024 ජනවාරි 26) විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.

27 Jan 2024

ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් නාවික හමුදාව වෙත මූල්‍යමය දායකත්වය

ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීම වෙනුවෙන් වැයවන වියදමට අදාල ප්‍රේෂණපත, 2024 ජනවාරි මස 24 වන දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

25 Jan 2024

රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

24 Jan 2024