වැදගත් සිදුවීම්
වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ වැඩ භාර ගනී
වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ අද දින (2024 ජනවාරි 12) වයඹ නාවික විධාන මූලස්ථානයේදී, වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
12 Jan 2024
නාවික හමුදා සාමාජිකයෙක් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා කිලෝමීටර් 580 ක දුරක් ඇවිදීම පූනෑවෙන් ආරම්භ කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන යන නාවිකයා විසින් කිලෝමීටර් 580 ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා අද දින (2024 ජනවාරි 12) උදෑසන පූනෑවෙන් සිය ඇවිදීම ආරම්භ කෙරිණි.
12 Jan 2024
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, රෝහල් තුළ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් ලබා දීමට, 2024 ජනවාරි මස 11 සහ අද දින (2024 ජනවාරි 12) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
12 Jan 2024
ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය යාපනය පලෙයිතිව් දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද, ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය, යුද නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් හත්සීයය විසි දෙදෙනෙකු (722) ගේ සහභාගීත්වයෙන් 2024 ජනවාරි මස 09 වන දින සිට දින තුනක් (03) යාපනය, පලෙයිතිව් දූපත කේන්ද්‍ර කර ගනිමින් පැවතුණු අතර, එය 2024 ජනවාරි 11 වන දින සාර්ථකව නිමාවට පත් විය.
12 Jan 2024


