වැදගත් සිදුවීම්
ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වැඩ භාර ගනී
ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 ජනවාරි 15) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
15 Jan 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ධම්මික කුමාර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2024 ජනවාරි 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
15 Jan 2024
දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ තුන්වන දිනය සාර්ථකව අවසන් කරයි
දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 14 වන දින එහි තෙවනි දිනය මාරවිල ප්‍රදේශයෙන් සාර්ථකව අවසන් කෙරිණි.
15 Jan 2024


