වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න අද දින (2024 ජනවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
16 Jan 2024
කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ සිව්වන දිනය සාර්ථකව අවසන් කරයි
දින 08 ක් තුල කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින වව්නියාවෙන් පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 15 වන දින සන්ධ්‍යාව වන විට පා ගමනේ සිව්වන දිනය කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් සාර්ථකව අවසන් කෙරිණි.
16 Jan 2024


