වැදගත් සිදුවීම්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් අද දින (2024 ජනවාරි 27) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

27 Jan 2024

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාවක්, අද දින ( 2024 ජනවාරි 26) විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.

27 Jan 2024