වැදගත් සිදුවීම්
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 28) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
28 Jan 2024
නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කෙරේ
නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකරන ලද අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම අද දින (2024 ජනවාරි 27) මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදුකෙරුණු අතර, එම පුණ්‍යමහෝත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ඇතුළු සම්භාවණීය ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
28 Jan 2024


