වැදගත් සිදුවීම්
විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ ආබාධිත දරුවෙකුගේ පරිහරණය සඳහා නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි
විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ, විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව සිටින දරුවෙකු වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, අද දින (2024 පෙබරවාරි 01) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Feb 2024
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ජනවාරි මස 30 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 පෙබරවාරි 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
01 Feb 2024


