වැදගත් සිදුවීම්

අභිමානවත් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි

“හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 76 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී, අද දින (2024 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂමණ් අමරසිංහ ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

04 Feb 2024

76 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු සේතා තව්සින් (Srettha Thavisin) මැතිතුමාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් “හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින ‍(2024 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 76 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

04 Feb 2024