වැදගත් සිදුවීම්
ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත Colonel Anand Bajpai ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 පෙබරවාරි 05) නාවික හමුදා මූලස්ථානයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
05 Feb 2024
ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Colonel Klaus Willi Merkel අද දින (2024 පෙබරවාරි 05) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
05 Feb 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Feb 2024


