වැදගත් සිදුවීම්
ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක Colonel Abdoulaye TRAORE අද දින (2024 පෙබරවාරි 07) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
07 Feb 2024
මැදවච්චිය ප්‍රදේශයේ පාසල් තුල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදා සහාය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි අ/පුල්එළිය විද්‍යාලය, අ/තුලාවෙල්ලිය විද්‍යාලය සහ රඹෑව ගිනිකටුවැව විද්‍යාලයේ, නාවික හමුදා ශිල්පීය හා ශ්‍රමදායකත්වයෙන් සහ විදේශයක පදිංචි දානපතියෙකුගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකෙරුණු සනීපාරක්ෂක පහසුකම් සිසු අයිතියට පත් කිරීම, 2024 පෙබරවාරි 05 වන දින එම විද්‍යාලයන්හීදී සිදුකෙරිණි.
07 Feb 2024


