වැදගත් සිදුවීම්

කැස්බෑ බිත්තර සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාලු මුවදොරදී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් කැස්බෑ සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහනක්, 2024 පෙබරවාරි මස 15 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී සහ ගාලු මුවදොර වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.

16 Feb 2024

මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 12 වන වරට සංවිධානය කරනු ලබන මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව අද දින (2024 පෙබරවාරි 16) ත්‍රීකුණාමල වරායෙන් දිවයිනෙන් පිටත් විය.

16 Feb 2024

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 16) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

16 Feb 2024