සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 වැලිසර දී සාර්ථකව නිමාවට පත්වෙයි

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 (Military Engineering And Technology Conference 2024) වැලිසර ‘Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහ සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 16 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, “Engineering for Future: Managing Modern Challenges in Military Engineering and Technology” යන තේමාව ඔස්සේ පැවැත්වුනු සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය, සැසි තුනකින් (03) සමන්විත විය. ‍මෙම සම්මන්ත්‍රණයේදී Major General TF Meedin (Retd) ගේ මෙහෙයවීමෙන් Emerging Technologies in Military Engineering and Technology යන තේමාව යටතේ පැවති පළමුවන සැසියේදී, A Comprehensive Survey on 5G Technology and 5G Adaptation in South Asia and Sri Lanka යන තේමාවට අදාලව රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, ඉංජිනේරු එස්එස් ‍මොරපිටිය මහතා, කපිතාන් ඩබ්පීසී වීරවර්ධන සහ ඉංජිනේරු නදුන් ගුණවර්ධන මහතා විසින් සම්ම්න්ත්‍රණය වෙත ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි.

එමෙන්ම, Prioritizing Cyber security Resources in the Defense Sector: A Data-Driven Approach to Risk-Based Vulnerability Management යන තේමාවට අදාලව Dialog Axiata පුද්ගලික සමාගමේ Farash Samat මහතා විසින්ද, Military Perspectives on Fostering Economic Growth in the Digital Age යන තේමාවට අදාලව Huawei Technologies Lanka පුද්ගලික සමාගමේ ඉන්දික ද සොයිසා මහතා විසින් සහ Detecting Security Vulnerabilities in web applications with self-organized threat-intelligence platforms යන තේමාවට අදාලව මේජර් සම්පත් පල්ලියගුරුගේ විසින් ද සම්ම්න්ත්‍රණයේ පළමු සැසියේදී ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි.

‍‍මෙම සම්මන්ත්‍රණයේදී රියර් අද්මිරාල් ඒවී අබේසේන (විශ්‍රාමික) ගේ මෙහෙයවීමෙන් Collaborative Approaches to Military Engineering and Technology/ Synergy and Sustainability යන තේමාව යටතේ පැවති දෙවන සැසියේදී, Collaborative Fault Finding in Condition Based Predictive Maintenance A Case Study යන තේමාවට අදාලව කොමදෝරු හසන්ත දසනායක සහ කොමාණ්ඩර් මිලින්ද දසනායක විසින්ද, Technological Solutions to Enhance the Sortie Generation Rate of Aircraft in a Small Air force යන තේමාවට අදාලව වින්ග් කොමාණ්ඩර් එස්එන් කිරිවෙල්ල විසින්ද, Signal Processing for “Through the Wall Imaging Radar (TWIR)” to Detect Real Time Living and Non-Living Objects යන තේමාවට අදාලව ලුතිනන් කොමාණ්ඩර් රුවන් ජයතිලක විසින්ද සම්ම්න්ත්‍රණය වෙත ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි.

‍එමෙන්ම, මෙම සම්මන්ත්‍රණයේදී එයාර් ‍කොමදෝරු ජයසිරි අමරසේන (විශ්‍රාමික) ගේ මෙහෙයවීමෙන් Value Engineering: Role of Military Engineers in Nation Building යන තේමාව යටතේ පැවති තෙවන සැසියේදී, Colombo Dockyard PLC’s Potentials in National Security, Nation Building and Economic Resilience Being the Pioneer in Local Ship Building, Ship Repairing and Heavy Engineering Industry යන තේමාවට අදාලව කොළඹ නැව් තඨාකංගණ පෞද්ගලික ආයතනයේ මේජර් හේමන්ත දයාරත්න (විශ්‍රාමික) විසින්ද, Concrete Cover for Reinforced Cement Concrete (RCC) used in Military Engineering Construction within the Sri Lanka Army යන තේමාවට අදාලව ලුතිනන් කර්නල් ඕඑම්ආර් ප්‍රියන්ත විසින්ද, A Mine-Resistant and Desert-Compatible 6x6 Military Personnel Carrier for UN Peacekeeping Missions යන තේමාවට අදාලව මේජර් ඒඒඑම් ද සොයිසා, මේජර් එන්ඩීජීටී නානායක්කාර, මේජර් ටීඩීකේ ගුණසේන, මේජර් කේජීඩී ජයසංක, මේජර් එම්කේ වන්නිආරච්චි සහ මේජර් ආර්පීඑන්එම්බී රණවික්‍රම විසින්ද සම්ම්න්ත්‍රණය වෙත ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි.

මෙවැනි සම්මන්ත්‍රණ පැවැත්වීම තුළින් හුවමාරු කර ගන්නා විද්වත් අදහස් තුළින් ත්‍රිවිධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික ක්‍ෂේත්‍ර‍යට අනුයුක්ත ඉංජිනේරු නිලධාරීන්ගේ දැනුම හා හැකියාව ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සාමූහිකව දායක කර ගැනීමත්, දැනුම හා හැකියාවන් හුවමාරු කර ගැනීම සහ වෘත්තීය සහයෝගීත්වය වර්ධනය කර ගැනීමත් ඇතුළු ප්‍රතිලාභ රැසක් ත්‍රිවිධ හමුදාවන්ට සහ රටට හිමිවනු ඇත.

එමෙන්ම, මෙම සම්මන්ත්‍රණයෙන් අනතුරුව පැවති සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ වාර්ෂික රැස්වීමේදී, ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නව සභාපති‍ ලෙස පත්වූ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ් ලියනගේ හට, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ විසින් සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති ධූරයේ රාජකාරීන් භාරදීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර (විශ්‍රාමික), බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, යුද හා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.