වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් බැසිල් ගුණසේකර දැයෙන් සමු ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය.

17 Feb 2024

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 වැලිසර දී සාර්ථකව නිමාවට පත්වෙයි

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 (Military Engineering And Technology Conference 2024) වැලිසර ‘Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහ සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 16 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

17 Feb 2024