වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ අද දින (2024 පෙබරවාරි 20) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
20 Feb 2024
‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය, මෙවර මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2024 පෙබරවාරි 20) කොළඹ වරායෙන් පිටත් විය.
20 Feb 2024