වැදගත් සිදුවීම්

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් උත්කර්ෂවත්ව පවත්වයි

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සංවිධායක දායකත්වයෙන්, 2024 පෙබරවාරි මස 23 සහ 24 දින උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි අවසන් පූජා අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙන්ම ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයෙකුද සහභාගී විය.

25 Feb 2024