වැදගත් සිදුවීම්

මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වූ සයුරළ නෞකාව දිවයිනට ලඟා වෙයි

2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවති මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයෙන් පසුව, සයුරළ නෞකාව 2024 පෙබරවාරි මස 29 වන දින ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට ලඟා විය.

29 Feb 2024

‘EX - DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට ළඟාවෙයි

ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVI’ ත්‍රෛයිපාර්ශ්වික වෙරළාරක්ෂක නාවික අභ්‍යසයෙන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2024 පෙබරවාරි මස 29) උදෑසන ත්‍රීකුණාමලය වරායෙන් දිවයිනට ළඟාවිය.

29 Feb 2024