වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිදුකල සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපවත්වා සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින් දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීම වෙනුවෙන්, විශේෂ යාත්‍රා බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අද දින (2024 මාර්තු 01) ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉතාමත් අභිමානවත්ව සිදුකෙරිණි.

01 Mar 2024

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය ගරු ජනාධිපති තුමන් විසින් පිරික්සුමට ලක් කිරීම ත්‍රීකුණාමලය වරායේදී සිදුකරයි

දේශයේ අභිමානවත් නාවික බලය, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය, නාවික හමුදාධිපති තුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දින (2024 මාර්තු 01) නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිරික්සුමට ලක්කිරීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි. ම

01 Mar 2024

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 මාර්තු 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

01 Mar 2024