වැදගත් සිදුවීම්

දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී

යූරෝපා සංගම‍යේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම [Second Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting (SCM) ] – 2024, අද දින (2024 මාර්තු 05) කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

05 Mar 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” ගරු ජනාධිපති තුමා වෙත පිළිගැන්වේ

2048 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්මට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” නමැති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහි සම්පාදක මණ්ඩලයේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පිළිගැන්වීම, 2024 මාර්තු මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික තඨාකාංගණයේ නාවික මැදුරේදී සිදු කෙරිණි

05 Mar 2024