ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Colonel Adam W. Hilburgh ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම දූත පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ Colonel Adam W. Hilburgh අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.