වැදගත් සිදුවීම්

දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ CRIMARIO II ආයතනයේ සම සභාපතිත්වයෙන් 2024 මාර්තු මස 05 වන දින සිට දින තුනක් (03) පුරා කොළඹදී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම– 2024 (Second Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting - 2024), 2024 මාර්තු මස 07 වන දින සාර්ථකව නිමාවට පත් විය.

08 Mar 2024

තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයින් 17 ක් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව (Clearance Diver III Course – No 64) සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් දහහත් දෙනෙකු (17) විසිර යාම හා ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු මස 07 වන දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ කිමිදුම් පාසලේදී සිදු කෙරිණි.

08 Mar 2024

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 382 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය තිස්හත් දෙනෙකු (337) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූ දෙදෙනෙකු (382) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 මාර්තු මස 07 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

08 Mar 2024