වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිනී ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නයනා විජේදෝරු ගේ ආරාධනයෙන්, සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු මස 15 වන දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී අභිමානවත්ව පැවැත්වුණ අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින් නියෝජනය වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගී විය.

16 Mar 2024

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෙත සංකේතාත්මකව කෘතීම පාද පිරිනැමීම, 2024 මාර්තු මස 14 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

16 Mar 2024