ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිනී ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නයනා විජේදෝරු ගේ ආරාධනයෙන්, සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු මස 15 වන දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී අභිමානවත්ව පැවැත්වුණ අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින් නියෝජනය වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන තේමාව පෙරදැරිව, 2024 මාර්තු 16 සහ 17 දෙ‍දින කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී දෙස් විදෙස් වෛද්‍ය විද්‍යාර්ථයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් කටයුතු සූදානම් කර ඇත.

සමාරම්භක අවස්ථාවේදී ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිනිය විසින් පිළිගැනීමේ දේශනය සිදුකල අතර, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ගෞරවනීය ආරාධිත දේශනය සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා විසින් උත්සව අවස්ථාව අමතමින්, වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සිදුකරන කාර්යය භාරය සුවිශේෂී ඇඟයීමකට ලක්කෙරිණි.

එමෙන්ම, මෙම උත්සව අවස්ථාව නාවික හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමේ විශේෂාංගයන් ගෙන් වර්ණවත් විය.

ඒ අනුව, 2024 මාර්තු මස 15 වන දින පැවති ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය මෙලෙස වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී අභිමානවත්ව පැවැත්වුණ අතර, 2024 මාර්තු 16 සහ 17 දෙදින පැවැත්වෙන අධ්‍යයන සැසිවාරයේදී Oral cancer – Sri Lankan perspective, Vector borne diseases in the midst of frequent deployment, Organ donation and transplant in Sri Lanka- achievements and challenges, Insights in to military transfusion medicine, Breaking barriers, enhancing patient care through collaboration of medical and dental expertise, Trauma management principles – a surgical perspective, Sexually transmitted diseases – current trends and strategic management in the military, Humanitarian and military medical perspectives of contemporary global conflicts, Rehabilitation; use of advanced technology, Diversity, inclusion and mental well being, Impact of combined simulation training as a tool on the success of medical units on the battle field, Operational diversities in military medicine, The crucial role of diversity and inclusion in robust AI solutions, Medical Administration සහ Exercise is medicine යන තේමාවන්ට අදාලව ඉදිරිපත් කිරීම් මඟින් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ දේශීය හා විදේශීය විද්වතුන්, වෘත්තිකයන් සහ සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින් විසින් ගෝලීය වශයෙන් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පවත්නා නව ප්‍රවණතා හා අභියෝග සහ ඒ වෙනුවෙන් සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ දායකත්වය ඇතුළු වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පුළුල් ක්‍ෂේත්‍රයක විද්වත් අදහස් දැක්වීමට නියමිතව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ධම්මික කුමාර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජනක මාරඹේ සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.