වැදගත් සිදුවීම්
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් 21 ක් වෙත ලාංඡන පළඳවයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි එක් දෙනෙක් (21) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 මාර්තු 27) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
27 Mar 2024
ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී සාර්ථකව පවත්වයි
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) සහයෝගයෙන් ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 මාර්තු මස 26 සහ අද දින (2024 මාර්තු 27) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
27 Mar 2024


