කොමදෝරු සනත් පිටිගල වැඩ බලන ආඥාපති නාවික පාබල ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු සනත් පිටිගල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන ආඥාපති නාවික පාබල වශයෙන් අද දින (2024 අප්‍රේල් 02) නාවික හමුදා මූලස්ථානයේ, ආඥාපති නාවික පාබල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

වැඩ බලන ආඥාපති නාවික පාබල ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු සනත් පිටිගල, අධ්‍යක්‍ෂ මැරීන් ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, ආඥාපති නාවික පාබල වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සිසිර දිසානායක විසින් අභිනව වැඩ බලන ආඥාපති නාවික පාබල ලෙස පත්වූ කොමදෝරු සනත් පිටිගල වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.